පළමු පුහුණු තරගයෙන් ශ්රී ලංකාවට ලකුණු 20 ක පරාජයක්
20යි 20 ලෝක කුසලානය වෙනුවෙන් පැවැත්වුණු පළමු පුහුණු තරගයෙන් නෙදර්ලන්ත කණ්ඩායම හමුවේ ලකුණු 20ක පරාජයක් ලැබීමට ශ්රී ලංකා කණ්ඩායමට සිදුවුණි.
අමෙරිකාවේ ෆ්ලෝරිඩා හිදි පැවති තරගයේ කාසියේ වාසිය දිනු ශ්රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට නෙදර්ලන්ත කණ්ඩායමට ආරාධනා කළේය.
ඒ අනුව, පිටියට පිවිසි නෙදර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවි ලකුණු 181ක් රැස්කර ගත්තේය.
ඩිල්ෂාන් මධුෂංක ලකුණු 39ට කඩුලු දෙකක් දවාගත්තේය.
ශ්රී ලංකාවට ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ පළමු වටයේදීද නෙදර්ලන්තය සමඟ තරගයක් පැවැත්වෙන බැවින් ශ්රී ලංකා කණ්ඩායමේ ප්රධාන පන්දු යවන්නන් වන වනිඳු හසරංග, මතීෂ පතිරණ සහ මහීෂ් තීක්ෂණ පන්දු යවා තිබුණේ නැහැ.
ලකුණු 182ක ජයග්රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශ්රී ලංකා කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 5කදී සියලුදෙනා දැවි රැස්කරගත හැකි වූයේ ලකුණු 161ක් පමණය.
ශ්රී ලංකා මුල් පෙළ පිිතකරුවන් අසාර්ථක වෙද්දි වනිඳු හසරංග පන්දු 15කින් ලකුණු 35ක් රැස්කිරීමට සමත්වුණි.
දසුන් ශානක ලකුණු පන්දු 20කදී නොදැවි ලකුණු 35ක් රැස්කළ අතර ධනංජය ද සිල්වා ලකුණු 31යි.
ශ්රී ලංකා කණ්ඩායම සහභාගි වන දෙවන පුහුණු තරගය මැයි 31 වැනිදා අයර්ලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබේ.