ශ්‍රී ලංකා බංග්ලාදේශ පුහුණු තරගය අද

ශ්‍රී ලංකා බංග්ලාදේශ පුහුණු තරගය අද

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැත්වෙන පුහුණු තරගාවලිය අද (29) සිට ආරම්භ වේ.

ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු පුහුණු තරගය බංග්ලාදේශ කණ්ඩායම සමග අද පැවැත්වීමට නියමිතයි.

තරඟය මෙරට වේලාවෙන් අද පස්වරු 2:00 ට Guwahati පිහිටි Barsapara Cricket ක්‍රීඩාංගනයේදී තරගය ආරම්භ වේ.

තරගයේ කාසියේ වාසිය උරගා බැලීම පස්වරු 1.30ට සිදුකිරීමට නියමිත අතර, ශ්‍රී ලංකා කණ්ඩායම දසුන් ශානක විසින් මෙහෙයවනු ලබන අතර, බංග්ලාදේශ කණ්ඩායම ශකීබ් අල් හසන් විසින් මෙහෙයවනු ලබයි.

අද සිට ඔක්තෝබර් මස 03 වනදා දක්වා පැවැත්වෙන පුහුණු තරගාවලියේදී සෑම කණ්ඩායමක්ම තරග දෙකකට සහභාගී වනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවන තරගය ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග පැවැත්වේ.

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් මස 05 වනදා ආරම්භවීමට නියමිත අතර තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව ලබන 07 වනදා පැවැත්වීමට නියමිතයි.