දකුණු අප්‍රිකා පළමු ඉනිම ලකුණු 191කට සීමාවෙයි

දකුණු අප්‍රිකා පළමු ඉනිම ලකුණු 191කට සීමාවෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය සඳහා වන තරඟය මේ වන විට පැවැත්වේ.

දකුණු අප්‍රිකා කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 191ට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් මීට සුළු මොහොතකට පෙර සමත් විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථක පන්දු යැවීමක නිතර වූ අසිත ප්‍රනාන්දු ලකුණු 44කට කඩුලු 3ක් හා ලහිරු කුමාර ලකුණු 70කට කඩුලු 3ක් දවාගැනීමට සමත් විය.

ඔවුන් දෙදෙනාට අමතරව විශ්ව ප්‍රනාන්දු (2/35) හා ප්‍රභාත් ජයසූරිය (2/24) කඩුලු 2 බැගින් දවාගත්හ.

දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් නායක ටෙම්බා බවුමා පන්දු 117කට මුහුණදෙමින් ලකුණු 70ක් රැස්කළේය.

එසේම කෙෂාව් මහරාජ් ලකුණු 24ක් රැස්කිරීම හැරෙන්න වෙනත් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 20කට වැඩි ඉනිමක් හෝ ගොඩනැගීමට නොහැකි විය.