දකුණු අප්‍රිකාව පළමුවරට ලෝක කුසලාන අවසන් මහ තරගයකට

දකුණු අප්‍රිකාව පළමුවරට ලෝක කුසලාන අවසන් මහ තරගයකට

2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට දකුණු අප්‍රිකාව අද (27) සමත්විය.

ඒ පෙරළිකාර ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට එරෙහිව පැවති අවසන් පූර්ව තරඟය කඩුලු 9කින් ජය ගනිමින්.

තරඟයේ කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 56ක් පමණි.

ලකුණු 57ක පහසු ඉලක්කයක් හඹා යෑම ඇරඹු දකුණු අප්‍රිකානු පිතිකරුවන් පන්දුවාර 8යි පන්දු 5ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 60ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කළේය.

ඒ අනුව, දකුණු අප්‍රිකාව අද (27) සවස පැවැත්වෙන දෙවන අවසන් පූර්ව තරගයෙන් ජයගන්නා කණ්ඩායම සමග 29 වැනිදා අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමට නියමිතයි.

ක්‍රිකට් ඉතිහාසයේ ලෝක කුසලාන තරගාවලි වල අවාසනාවන්ත කණ්ඩායමක් ලෙස හැදින්වෙන දකුණු අප්‍රිකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියක අවසන් මහ තරගයකට සුදුසුකම් ලබන්නේ පළමු අවසථාවටය.

Share This