පොළොන්නරුව – සෝමාවතිය මාර්ගය ජලයෙන් යටවෙයි
පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පොළොන්නරුව – සෝමාවතී මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් වාහන ගමනාගමනය සීමා කර තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ සෝමාවතී මාර්ගයේ 36 කණුව අසල මේ වන විට අඩි දෙක හමාරක් පමණ ජලයෙන් යටවී ඇති බවයි.
ඊයේ (13) දින සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාමෙන් මෙම ගංවතුර තත්ත්වය ඇතිව තිබෙනවා.
සෝමාවතිය වන්දනා කිරීම සඳහා පැමිණ සිටි පිරිස් ඔවුන් පැමිණි බස් රථ වලින් වැලිකන්ද දෙසින් පිටත් කර හැරීමට පොලිසිය පියවර ගෙන තිබුණා.