ගෝඨාට රටින් පනින්න මාත් උදව් කළා

ගෝඨාට රටින් පනින්න මාත් උදව් කළා

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එදා රටින් පිටවීමට පහසුකම් සැලසූ බව ඕමල්පේ සෝභිත නාහිමියෝ පවසති.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අවශ්‍ය පහසුකම් සැපයීමට තමන් වහන්සේ මැදිහත්වූ බව ගෝඨාභය රාජපක්ෂ මහතා හොදාකාරවම දන්නේ යැයිද උන්වහන්සේ පැවසූහ.

ඒ බව නොදැන පොත්වල තමන්ගේ නම සදහන් කර ඇති බවත් වගකිව යුතු හාමුදුරුවරුන් ලෙස තමන් පමණක් නොව තවත් මහා සංඝරත්නය බොහෝ පිරිසක් අරගලයට පැමිණි බවද උන් වහන්සේ අවධාරණය කරති.

“අපි විරුද්ධ ගෝඨාභයට නොවෙයි. පැවතුණ ක්‍රමයට” යැයි පැවසූ සෝභිත හිමියෝ ගෝඨාභය මෙරටින් පලවා හැරීමේ කුමන්ත්‍රණය කුමක්දැයි වර්තමාන නායකයාට එක වචනයකින් ප්‍රකාශ කළ හැකි බවද ප්‍රකාශ කළහ.