නිමල් සිරිපාල ශ්‍රීලනිපයේ නව සභාපති ධුරයට

නිමල් සිරිපාල ශ්‍රීලනිපයේ නව සභාපති ධුරයට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සභාපතිවරයා ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (19) පැවැති පක්ෂ විධායක සභා රැස්වීමේදී ඒකමතිකව තේරී පත්වී තිබේ.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මීට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස කටයුතු කළේය.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා ලෙස දුමින්ද දිසානායක මහතා තේරී පත්වී තිබේ.

එම පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා පාර්ශ්වය විසින් අද (19) කැඳවා තිබූ විධායක කමිටු රැස්වීමකදී මෙම පත්වීම් සිදුකර තිබේ.