සමගි ජන සන්ධානයෙන් සැලුන් දොරක්

සමගි ජන සන්ධානයෙන් සැලුන් දොරක්

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමගි ජන සන්ධානය ඉදිරි මහ මැතිවරණය ජයගැනීමට අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරන බවත් කිරිඇල්ල මහතා සඳහන් කළේය.

ජනාධිපතිවරණය සහ සමඟි ජන සන්ධානය ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේදී පැවති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හමුවකදී මේ බව සාකච්ඡා කළ බවත් ඔහු පැවසීය.

ජනාධිපතිවරණයේදී සිදුවූ පසුබෑම සම්බන්ධයෙන් එහිදී විශේෂ අවධානයක් යොමු කළ බවත් එම අඩුපාඩු සකස් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට එකඟ වූ බවත් මන්ත්‍රීවරයා පැවසීය.

ඉදිරි මැතිවරණ සහ පක්ෂ කටයුතු සමගියෙන් ඉදිරියට ගෙන යාමටත් අවශ්‍ය ප්‍රතිසංවිධාන කටයුතු කඩිනම් කිරීමටත් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තීරණය කළ බවත් ඔහු තවදුරටත් කීවේය.