සමගි ජන බලවේගයේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර නම් කරයි
සමගි ජන බලවේගයේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රි ධූර 04 සදහා නම් මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව, දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන්, සුජීව සේනසිංහ සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ලේකම් නිෂාම් කාරියප්පර් සහ සමස්ථ ලංකා මහජන කොංග්‍රසයේ මොහොමඩ් ස්මයිල් මුත්තු මොහොමඩ්ගේ නම් මෙලෙස මැතිවරණ කොමිසම වෙත යොමු කර ඇති බව සදහන්.
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී සමගි ජන බලවේගයට ජාතික ලැයිස්තු මන්ත්‍රි ධූර 05 ක් හිමිවූ අතර, ඉන් එක් මන්ත්‍රී ධූරයක් පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාරට හිමිවුණි.