සියෙරා ලියෝන් ජනපති අද දිවයිනට

සියෙරා ලියෝන් ජනපති අද දිවයිනට

සියෙරා ලියෝන් ජනාධිපති ජුලියස් මාඩා වොනියෝ දිවයිනට පැමිණීමට නියමිතයි.

සැමෝවා හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමට පිටත්ව යන අතරතුර සියෙරා ලියෝන් ජනාධිපතිවරයා අද (20) පස්වරුවේ මෙරටට පැමිණීමට නියමිතව තිබේ.

ඔහු පෞද්ගලික සංචාරයක් සඳහා මෙරටට පැමිණෙන අතර හෙට දිනයේ දී සැමෝවා රාජ්‍යය බලා පිටත්ව යනු ඇත.

දිවයිනට පැමිණෙන සියෙරා ලියෝන් ජනාධිපතිවරයා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා හමුවීමට ද නියමිතව තිබේ.