ගැබිණි ගුරුවරියකට පාසල තුළ දී  ලිංගික අතවර කළ නියෝජ්‍ය විදුහල්පතිට වුණ දේ ?

ගැබිණි ගුරුවරියකට පාසල තුළ දී ලිංගික අතවර කළ නියෝජ්‍ය විදුහල්පතිට වුණ දේ ?

ගැබිණි ගුරුවරියකට ලිංගික අතවරයක් කිරිමේ චෝදනාවක් මත දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත් සිරිපුර ප්‍රදේශයේ ප්‍රධාන පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු ඊයේ (21) අත්අඩංගුවට ගත් බව සිරිපුර පොලිසිය පවසයි.

අදාළ ගුරුවරිය විසින් සිරිපුර පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකාර 56 හැවිරිදි නියෝජ්‍ය විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය 18 වෙනිදා අදාළ පාසලේදී මෙම සිද්ධිය සිදු වී ඇති අතර අතවරයට ලක්වූ ගුරුවරිය මේ වන විට දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් විද්‍යාලයේ ආරක්ෂිත කැමරා විමර්ශකයින් විසින් පරීක්ෂාවට ලක් කර ඇති බව පරීක්ෂණ කටයුතු සිදු කරන සිරිපුර පොලිසිය පැවසීය.

ඒ අනුව, සිද්ධිය පිළිබඳ පරීක්ෂණ කටයුතු සිදු කර සියලු වාර්තාවන් දෙහිඅත්තකන්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බවද පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගත් නියෝජ්‍ය විදුහල්පතිවරයා අද (22) දෙහිඅත්තකන්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බව සිරිපුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජී.ආර්.ජී. නෙත්තසුරිය මහතා පැවසීය.