ජංගම දුරකතන භාවිතා කරන සියලු දෙනාට විශේෂ දැනුම්දීමක්

ජංගම දුරකතන භාවිතා කරන සියලු දෙනාට විශේෂ දැනුම්දීමක්

ජංගම දුරකතන භාවිතා කරන සෑම පාරිභෝගිකයෙකු ම නිසි පරිදි තම සිම්පත ලියාපදිංචි කරගත යුතු බව, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

තම දුරකතනය කිසියම් සමාගමක ලියාපදිංචි වී ඇත්දැයි #132# අංකය හරහා දැනගත හැකි බවත්, ඒ අනුව, එය ලියාපදිංචි වී නැති බවට තහවුරු වුවහොත් අදාළ දුරකතන පහසුකම් සමාගම සම්බන්ධ කරගෙන තම දුරකතන අංකය වහාම ලියාපදිංචි කර ගත යුතු බවයි, එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (අනුකූලතා) මේනකා පතිරණ මහත්තමිය සඳහන් කළේ.

තව ද තමන්ගේ නමට හෝ තම ජාතික හැඳුනුම්පත් අංකය යටතේ, තමා නොදැනුවත් ව දුරකතන අංකයක් නිකුත් වී ඇත්නම් වහා ම එම අංකය විසන්ධි කරවාගැනීමට කඩිනමින් ම කටයුතු කරන ලෙස ද ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලා සිටී.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මහජනතාවගෙන් මෙම ඉල්ලීම සිදු කරන්නේ, ව්‍යාජ ලෙස අනන්‍යතා ඉදිරිපත් කරමින් ලබා ගත් සිම්පත් මගින් සිදු කරන සමාජ විරෝධී වැඩ පිළිබඳව අනාවරණය වී ඇති පසු බිමකයි.