කොළඹ – බදුල්ල මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

කොළඹ – බදුල්ල මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රියක් අද (16) දහවල් දෙමෝදර දුම්රිය ස්ථානය අසල දී පිලීපැනිමට ලක් වීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි .

බදුල්ල දුම්රිය ස්ථානයෙන් අද (16)පෙරවරු 11.30 ට පමණ මහනුවර බලා ගමන් ආරම්භ කළ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය දෙමෝදර දුම්රිය ස්ථානයට ලගා වෙමින් තිබියදී මෙසේ පිළීපැනිමට ලක් වූ බවත් , දුම්රියේ භාණ්ඩ ප්‍රවාහන පෙට්ටියක් පිලීපැනිමට ලක්ව ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේය .

පිලිපැනීමට ලක්ව ඇති භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රියේ පිලීගත කිරිමට බදුල්ල දුම්රිය ස්ථානයේ සිට දුම්රිය ආපදා ඒකකයේ නිලධාරීන් පැමිණීම ට නියමිත බවද නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් පැවසීය .