ගත වූ පැය 24 තුළ හතරවන වෙඩි තැබීම කුරුණෑගලින් – තරුණයෙක් මරුට

ගත වූ පැය 24 තුළ හතරවන වෙඩි තැබීම කුරුණෑගලින් – තරුණයෙක් මරුට

කුරුණෑගල – රස්නායකපුර ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් 30 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

පොලීසිය පැවසුවේ නාඳුනන වෙඩික්කරුවෙක් විසින් එම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

මෙය පසුගිය පැය 24 තුළ සිදුකළ සිව්වන වෙඩි තැබීම වනවා.

අනෙක් වෙඩි තැබීම් වාර්තා වූයේ කොහුවල, තංගල්ල සහ මිදිගම ප්‍රදේශ වලින් වන අතර, ඉන් තිදෙනෙක් මියගොස් දෙදෙනෙක් තුවාල ලබා තිබුණා.