අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලීසියෙන් වෙඩි

අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලීසියෙන් වෙඩි

පොලිස් අණ නොතකා ධාවනය කළ කාර් රථයකට ඊයේ (23) රාත්‍රියේදී පොලීසිය විසින් වෙඩිතබා තිබේ.

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේදී අදාළ කාර් රථය පරීක්ෂා කිරීම සඳහා නතර කරන ලෙසට අණ කර තිබුණත් නොනවත්වා ධාවනය කිරීම නිසා හඹාගොස් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා වේ.

කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ යතුරුපැදි කණ්ඩායම විසින් අදාළ කාර් රථය හඹාගොස් මාලිගාවත්ත ප්‍රදේශයේදී වෙඩිතැබීම සිදුකර ඇති අතර එහිදී සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලීසිය සඳහන් කළේය.

සිද්ධියෙන් එක් අයෙකු සුළු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

අදාළ කාර් රථය පරීක්ෂා කිරීමේ දී එහි තිබී නීතිවිරෝධී මත්පැන් සොයාගත් බවද පොලීසිය සඳහන් කළේය.