කොහුවල වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට

කොහුවල වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට

කොහුවල , සරණංකර පාර ප්‍රදේශයේ හෝටලයක හිමිකරුවකු වෙඩිතබා ඝාතනය කර පලාගස් ඇතැයි කොහුවල පොලීසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කලුබෝවිල, සරණංකර පාර අංක 112/1 දරණ ස්ථානයේ හෝටලයක හිමිකරු වන නාඩගම් විශ්වනාදන් නොහොත් (.ආනන්ද) යන වයස අවුරුදු (43 ) ක් වන අයෙකුද වන බවත් පොලීසිය කියයි .

සම්පූර්ණ හිස්වැසුම් පැලද යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු මෙම වෙඩි තැබීම සිදු කර පලාගොස් තිබේ.

ඝාතනයට හේතුව හෝ සැකකරුවන් පිළිබඳ තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති අතර, කොහුවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.