තලාවේ වෙඩිතැබීමක්

තලාවේ වෙඩිතැබීමක්

තලාව මැදගම ප්‍රදේශයේ දී ඊයේ (28) පෙරවරුවේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා අනුරාධපුර රෝහල වෙත ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.

තුවාල ලබා ඇත්තේ 44 හැවිරිදි වරාගොඩ තලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම පුද්ගලයා තම මස්සිනා සමඟ ඔවුන් පොල් වගා කර ඇති ඉඩමේ ගමන් කරමින් සිටියදී එම ඉඩමට ජලය ලබා ගන්නා ඇල්කටින් බට සම්බන්ධයෙන් යාබද ඉඩමේ හිමිකරු සමඟ බහින්බස් වීමක් සිදුව තිබේ.

එහිදී ඇති වූ ආරවුල දුරදිග යාමෙන් එම යාබද ඉඩමේ හිමිකරු විසින් මෙලෙස වෙඩි තබා ඇති බවයි අනාවරණය වී තිබෙන්නේ.

පොලීසිය පැවසුවේ මෙරට නිෂ්පාදිත ගිනිඅවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය.

වෙඩි තැබීම සිදුකළ සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා තලාව පොලීසිය විමර්ශන සිදුකරයි.