ඌරගස්මංහන්දිය වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙක් අත්අඩංගුවට

ඌරගස්මංහන්දිය වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙක් අත්අඩංගුවට

පසුගිය 4 වනදා රාත්‍රියේ උරගස්මංහන්දිය, බෙලිගස්වේල්ල ප්‍රදේශයේ නිවසක රැදී සිටි පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදුකිරීමේ අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වෙඩි තැබීම සම්බන්ධයෙන් ඌරගස්මංහන්දිය පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබු අතර ලද තොරතුරක් මත බෙලිගස්වේල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී ඊයේ (09) සවස මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 46 ක් වන දික්කැලේ, බෙලිගස්වේල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඌරගස්මංහන්දිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.