දොඩංගොඩ වෙඩි තැබීමක්

දොඩංගොඩ වෙඩි තැබීමක්

දොඩංගොඩ විල්පාත ප්‍රදේශයේ විශ්‍රාමික පොලිස් නිලධාරියෙකුගේ නිවසකට අද (15) අළුයම වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇති බව දොඩංගොඩ පොලීසිය පවසයි.

නාදුනන තුවක්කුකරුවෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර පළාගොස් ඇති අතර, වෙඩිතැබීමෙන් කිසිවකුටත් හානි සිදුව නොමැති බව පොලීසිය සඳහන් කළේය.

නිවසේ ජනේලයට වෙඩි ප්‍රහාර හතරක් එල්ලවී ඇති බව පොලීසිය පැවසීය.

කළුතර කොට්ඨාස අපරාධ පරීක්ෂණාගර නිළධාරීන් පරීක්ෂණ සිදුකරන ලද අතර, විශේෂ කාර්ය බළකා සෙබළුන් ද කැදවා තිබුණි.

ඒ අනුව, සිදුකළ මූලික පොලිස් විමර්ශන වලදී අනාවරණ වී ඇත්තේ, වෙඩි තැබීමට පැමිණි පුද්ගලයා අදාළ විශ්‍රාමික පොලිස් නිලධාරියාගේ බාල පුත්‍රයාගේ නම සඳහන් කරමින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි.

එමෙන්ම මෙම විශ්‍රාමික පොලිස් නිලධාරියාගේ බාල පුත්‍රයා මේ වන විට විදේශ ගතව සිටින බවටයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් දොඩංගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වති.