අහුංගල්ල වෙඩි තැබීමට අස්කකරුවන් ආ යතුරු පැදිය සොයාගනී
අහුංගල්ල බෝධිය අසල ඊයේ (09) පෙරවරුවේ සිදුවූ වෙඩිතැබීම සඳහා සැකකරුවන් පැමිණි යතුරුපැදිය පොලිසිය විසින් සොයාගෙන තිබේ.
අහුංගල්ල පොල්අතුකන්ද ප්‍රදේශයේ පිහිටි කුරුඳු ඉඩමක සඟවා තිබියදී ඊයේ රාත්‍රියේ අහුංගල්ල පොලීසිය විසින් එම යතුරුපැදිය සොයාගෙන ඇත.
එම යතුරුපැදිය පසුගිය වසරේ සැප්තැම්බර් මස 29 වනදා බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලය අසළදී සොරකම් කළ එකක් බවටයි, තොරතුරු හෙළිවුණේ.
කැළණිය ප්‍රදේශයේ යතුරුපැදියකට අයත් අංක තහඩුවක් මෙම යතුරුපැදියට ව්‍යාජ ලෙස සවිකර ඇති බවත් පොලිසිය පවසයි.
ඊයේ උදෑසන 6:15ට පමණ ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් තිබූ අතර එය පාතාල කල්ලි නායකයෙකු වන කොස්ගොඩ සුජීගේ පාර්ශවයෙන් සිදු කර තිබෙන බවට පොලිසිය සැකපල කරයි.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා බලපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහු ”ලොකු පැටී” නමැති අපරාධ කල්ලි සාමාජිකයාගේ ඥාතියෙකු බව සදහන්.
සිද්ධිය සම්බන්ධයෙන් අහුංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.