නිවිතිගල වෙඩි තැබීමක්

නිවිතිගල වෙඩි තැබීමක්

නිවිතිගල පොලිස් වසමේ, පාතකඩ ප්‍රදේශයේදී අද (26) උදෑසන වෙඩිතැබීමක් සිදුව තිබේ.

වෙඩිතැබීමෙන්, දික්ඕවිට වත්ත, පාතකඩ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි විවාහක අයෙක් තුවාල ලබා ඇති බවයි, පොලිසිය සඳහන් කළේ.

වෙඩි වැදීමට ලක්වූ පුද්ගලයා පදිංචි නිවසේ මිදුලේ ඥාති පුත්‍රයෙක් සමග රැඳී සිටිය දී මුහුණ ආවරණය කර ආරක්ෂිත හිස් වැසුමක් පැළඳ පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු පාගමනින් පැමිණ වෙඩි තබා පළාගොස් ඇත.

වෙඩි වැදීමෙන් එම පුද්ගලයාගේ පාදයකට තුවාල සිදුව ඇති අතර ඔහුව නිවිතිගල රෝහලට ඇතුළත් කර තිබේ.

වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් නිවිතිගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share This