ශිවාජිලිංගම් දැඩි සත්කාර ඒකකයකට
අසනීප තත්ත්වයක් හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. ශිවාජිලිංගම් මහතා කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයකට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
දෙමළ ජාතික පක්ෂයේ ප්‍රධාන ලේකම් ධූරය දරන ශිවාජිලිංගම් මහතා පසුගිය සමයේ ගත් දේශපාලන තීන්දු තීරණ හේතුවෙන් ජනතාව අතර දැඩි කතා බහට ලක්වුණා.
දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් 2004 වසරේ එම්. කේ. ශිවාජිලිංගම් මහතා පාර්ලිමේන්තුවට තේරී පත්වුණා.