බංග්ලාදේශ අගමැතිනිය ධූරයෙන් ඉල්ලා අස්වී රටින් පැන යයි

බංග්ලාදේශ අගමැතිනිය ධූරයෙන් ඉල්ලා අස්වී රටින් පැන යයි

බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂීක් හසීනා අගමැති ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

අද (05) දහවල් අග්‍රාමාත්‍යවරිය තම ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බවයි වාර්තා වන්නේ

අග්‍රාමාත්‍යවරිය සහ ඇයගේ නැගණිය වන ෂෙයික් රෙහානා අද (05) පස්වරු 2.30 ට පමණ හමුදා හෙලිකොප්ටර් යානයකින් අග්‍රාමාත්‍ය නිල නිවසින් පිටත්වී ඇතැයි බංග්ලාදේශ මාධ්‍ය සඳහන් කරයි.

ආරංචි මාර්ග වලට අනුව ඇය ඉන්දියාවේ බටහිර බෙංගාලය වෙත ගොස් ඇති බවයි බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කළේ.

අගමැතිනිය සිය නිල නිවසින් පිට වීමට පියවර ගත්තේ විරෝධතාකරුවන් නිල නිවසට කඩා වැදීමට පෙරයි.

මේ වනවිට විරෝධතාකරුවන් අගමැති නිල නිවසට කඩා වැදී තිබේ.

පසුගිය දින කිහිපය පුරා එරට පැවති කලබලකාරී තත්ත්වයේදී 100කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.