විශ්‍රාමික ග්‍රාම නිලධාරීවරයෙකු වෙඩි වැදී මරුට

විශ්‍රාමික ග්‍රාම නිලධාරීවරයෙකු වෙඩි වැදී මරුට

හිසට වෙඩි වැදී මියගිය විශ්‍රාමික ග්‍රාම නිලධාරීවරයෙකුගේ මළසිරුර කතරගම රජමාවත පිහිටි ඔහුගේ නිවසේ උඩු මහලේ තිබී සොයාගත් බව කතරගම පොලීසිය පවසයි.

පවුලේ සාමාජිකයින් ගෙන් පොලීසියට ලැබුණු තොරතුරක් මත එම මළසිරුර සොයාගෙන ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ, බෝපිටිය වික්‍රමසිංහ විතාරණගේ අනුර (66) නැමැති විශ්‍රාමික ග්‍රාම නිලධාරීවරයෙකු බවයි, පොලිසිය පැවසුවේ.

ඊයේ (07) රාත්‍රියේ 11.30 පමණ බව මොහුට වෙඩි වැදී ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.

මෘත ශරීරය සහ තුවක්කුව තිබෙන ආකාරයට තුවක්කුව ඇඳ විට්ටමට හිරකර ඔහු විසින්ම වෙඩි තබාගෙන ඇති බවට පොලීසිය සැක පළ කරයි.

වෙඩි පහර වැදීමෙන් හිසෙන් විශාල කොටසක් ගැලවී ඇඳ මත විසිරී ඇති බවද පොලීසිය කියයි.

අදාල තුවක්කුව රජයෙන් නිකුත් කොට ඇති බලපත්‍ර සහිත තුවක්කුවක් ද යන්න පරීක්ෂණ පවත්වන බව පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය.

මෙය දිවි නසා ගැනීමක්ද නැතහොත් වෙනත් යමක් සිදුවී ඇතැයිද සෙවීම සඳහා පරීක්ෂණ අරඹා ඇතැයි පොලීසිය පැවසීය.