
ෂෙල් සමාගම මෙරට පළමු ඉන්ධන පිරවුම්හල විවෘත කරයි
ඇමරිකාවේ ආර් එම් පාක්ස් සහ ට්‍රයිස්ටාර් සමාගම් හවුල්කාරීත්වය යටතේ ෂෙල් වෙළද සන්නාමය සහිත මෙරට මුල්ම ඉන්ධන පිරවුම්හල අද අඹතලේ ප්‍රදේශයේ විවෘත කර තිබෙනවා.
එය මෙරට ඉන්ධන වෙළඳපොළට පිවිසෙන සිව්වැනි සමාගමයි.
ආර් එම් පාක්ස් පුද්ගලික සමාගම, ශ්‍රී ලංකාව පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් 150 ක ජාලයක් ෂෙල් ලෙස යළි සන්නාමකරණයට ලක් කර තිබෙනවා.
මෙය 2023 දී ශ්‍රී ලංකා පෙට්‍රෝලියම් හා බලශක්ති අමාත්‍යාංශය විසින් ආරම්භක වසර 20ක කාලයක් සඳහා ක්‍රියාත්මක කිරීමට ලබා දුන් කොන්ත්‍රාත්තුවකි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස එක්වුණේ මෙරට ඇමරිකානු තානාපතිනි ජුලි චන්ග් මහත්මියයි.
