ෂෙයික් හසිනා බ්‍රිතාන්‍යයේ සරණාගතභාවය ඉල්ලයි

ෂෙයික් හසිනා බ්‍රිතාන්‍යයේ සරණාගතභාවය ඉල්ලයි

බංග්ලාදේශයේ පැවැති ගැටුම්කාරී වාතාවරණය අතරතුර ඉන්දියාවට පලා ගිය අගමැතිනී ෂෙයික් හසිනා මේ වන විට නවදිල්ලි නුවර ඉන්දීය ගුවන් හමුදා කඳවුරක රැඳී සිටින බවත් ඇය බ්‍රිතාන්‍යයේ සරණාගතභාවය ඉල්ලා ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඇය රටින් පලා ගිය පසු ඇයගේ අවාමි ලීගයේ නායකයින් 29 දෙනකු ද ඝාතනයට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.එසේ මියගිය අයගේ මළ සිරුරු ද හමුවී ඇති බවයි පැවසෙන්නේ.

වසර 15ක් රට පාලනය කළ අවාමි ලීගයේ සාමාජිකයින්ට අයත් නිවාස, ව්‍යාපාර ආයතන ඇතුළු ස්ථාන රැසක් විනාශ කිරීමට හෝ කොල්ලකෑමට ඇතැම් ප්‍රචණ්ඩකාරී පිරිස් කටයුතු කර තිබුණි.

මෙම ඝාතනයන් සිදුකර ඇත්තේ සංවිධානාත්මක මුස්ලිම් කණ්ඩායමක් බවද වාර්තාවේ.