හිටපු රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහමැතිවරණයට නොඑයි

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහමැතිවරණයට නොඑයි

ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

කෙසේ වෙතත් තමා ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් නොවන බවත් අනුරාධපුරය ජනතාව වෙනුවෙන් ඉදිරියටත් සේවය කරන බවත් ෂෙහාන් සේමසිංහ මහතා එම නිවේදනයේ සඳහන් කර තිබේ.

එමෙන්ම බලය ලබා ගැනීමට මෙන්ම, බලය අත් හැරීමටද ඔවුන්ට හැකියාව තිබිය යුතු බව විශ්වාසය කරන බවත්, ඉදිරියේ දී රටට අවශ්‍ය ඕනෑම වෙලාවක තමාගේ සේවය ලබා දීමට නිරහංකාරව ඉදිරිපත් වීමට සූදානම් බවයි, ඔහු එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.