මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහට මරණ තර්ජන

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහට මරණ තර්ජන

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ඝාතනය කරන බව පවසමින් ලැබුණු නිර්නාමික දුරකතන ඇමතුමක් සම්බන්ධයෙන් කොටුව පොලිස් ස්ථානය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඊයේ (15) පස්වරුවේ දුරකථනය ඔස්සේ රාජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලය වෙත අදාළ දුරකථන ඇමතුම ලැබී ඇති බව සඳහන්ය.

ඉදිරි මැතිවරණ කටයුතු සඳහා ඉදිරිපත් වීමට ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයාට ඉඩ නොතබන බවත්, තමා සතුව ‘ආයුධයක්‘ ඇති බවත් මෙම තර්ජනය නොසලකා හැර කටයුතු කළ හොත් ‘ටයර් දමා පුළුස්සන බවත්‘ දුරකථනය ඔස්සේ තර්ජනය කළ පුද්ගලයා ප්‍රකාශ කර තිබේ.

මේ සම්බන්ධයෙන් පොලිසිය ප්‍රකාශ කළේ, අධිකරණ නියෝගයක් ලබා ගෙන දුරකථන විශ්ලේෂණ වාර්තාවක් මගින් සැකකරු හදුනාගැනීමට කටයුතු කරන බවයි.

Share This