ප්‍රවීණ ගායන ශිල්පී සේනක බටගොඩ අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පී සේනක බටගොඩ අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පියෙකු මෙන්ම සංගීත අධ්‍යක්ෂකවරයෙකු වන සේනක බටගොඩ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

රෝගී තත්ත්වයක් හේතුවෙන් රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අද (11) පෙරවරුවේ දී මෙසේ අභාවප්‍රාප්ත වී ඇති බවයි, වාර්තා වන්නේ.

මියයන විට ඒ මහතා 66 වියේ පසුවිය.

1958 වර්ෂයේ ජුනි මස 25 වැනි දින උපත ලැබූ සේනක බටගොඩ මහතා මෙරට සංගීත ක්ෂේත්‍රයේ ජනප්‍රිය වූයේ, රොක් සහ පොප් ගායන, වාදන ශිල්පියෙකු ලෙසයි.

ඔහු නිර්මාණය කළ අපි කවුරු ද, අපි සැනසිල්ලේ, රස්තා, අළු යට ගිනි, හීනවලට පණක් තියෙනවා, හොඳම දේ හා සැනසෙන්නම් ඇතුළු ගීත දෙස් විදෙස් රසිකයින් මහත් ආදරයෙන් වැළඳගත් ගීත අතර විය.