
රුසියන් කතට මරු කැඳවූ සෙල්ෆිය
බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ පොඩිමැණිකේ දුම්රියේ ගමන් ගත් රුසියානු ජාතික විදේශික සංචාරක කාන්තාවක අද උදෑසන බදුල්ල හාලිඇල දුම්රිය ස්ථානය අතර දී දුම්රියේ පාපුවරුවේ එල්ලී සෙල්පි ජායාරූප ගැනීමට යාමේදී ගල්පර්වතයක ගැටී දුම්රියෙන් ඇද වැටී අනතුරට ලක්ව තිබේ.
පොලීසිය පැවසුවේ, අනතුරින් බරපතළ තුවාල ලැබූ කාන්තාව බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගිය බවයි.
පර්මිනෝවා ඔල්ගා (perminova Olga) නැමති 53 හැවිරිදි රුසියානු ජාතික විදේශික සංචාරක කාන්තාවක මෙසේ මියගිය බවද පොලිසිය කීය.
ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා තවත් විදේශීය සංචාරකයන් පිරිසක් සමඟ මෙරටට පැමිණ ඇති ඇය අද උදෑසන බදුල්ල දුම්රිය ස්ථානයට පැමිණ බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ පොඩිමැණිකේ දුම්රියේ නැග ඇල්ල බලා ගමන් කරමින් සිටියදී මෙසේ අනතුරට මුහුණ පා ඇතැයි පොලිසිය සදහන් කළේය.
