සීතා අරඹේපොල අලුත් අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි

සීතා අරඹේපොල අලුත් අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි

කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයට පත් කෙරුණු විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ එම ධූරයේ දිවුරුම් දුන්නාය.

සීතා අරඹේපොල මහත්මිය කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයට පත් කර ඇත්තේ ඇය මෙතෙක් දැරූ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ධූරයට අමතරවය.

දිවුරුම් දීමේ අවස්ථාවට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද එක්ව සිටියේය.