සීගිරිය ලොව වඩාත් පිළිගැනීමට ලක් වූ නගරය බවට නම් කෙරේ

සීගිරිය ලොව වඩාත් පිළිගැනීමට ලක් වූ නගරය බවට නම් කෙරේ

Booking.com වෙබ් අඩවියට අනුව 2025 වසරේ ලොව වැඩිම පිළිගැනීමට ලක්වූ නගර අතර පළමු තැනට සීගිරිය පත්ව තිබේ.

මිලියන 360කට අධික පිරිසක් පරිශීලනය කරන Booking.com වෙබ් අඩවිය සීගිරීය ලොව වඩාත් පිළිගැනීමට ලක් වූ නගර අතරට නම් කර ඇත්තේ, සංචාරකයින් සදහා අවශ්‍ය පහසුකම් ලබාදීම වෙනුවෙන් සිදු කෙරෙන සේවාව ඇගයීමට ලක් කරමින්.

බුකින් ඩොට් කොම් වෙබ් අඩවිය 13 වැනි “Traveller Review Awards” සම්මාන ප්‍රදානයට සමගාමීව රටවල් කිහිපයක නගර කිහිපයක ලැයිස්තුවක් ඉදිරිපත් කර තිබේ.