ගාල්ලෙත් මුහුදු ජලය සමග අපද්‍රව්‍ය ගොඩබිමට

ගාල්ලෙත් මුහුදු ජලය සමග අපද්‍රව්‍ය ගොඩබිමට

අයහපත් කාලගුණික තත්ත්වයත් සමග මුහුදු රළ සමග වැලි  සහ නොයෙකුත් අපද්‍රව්‍ය ගාල්ල සමුද්‍රමාවත, ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ තෙල්වත්ත, පැරෑළිය යන ප්‍රදේශ වලින් ගොඩබිමට ගලා ඒම නිසා මෙම මාර්ගයේ ගමනාගමන කටයුතු වලට බධා එල්ල වී තිබුණි.

ඊයේ (15) රාත්‍රියේ සිට මුහුදු රළ මෙම ප්‍රදේශ වලින් ගොඩබිමට ගලාවිත් තිබුණි. මුහුදු රළ සමග වැලිතට්ටු හා නොයෙකුත් අපද්‍රව්‍ය ගල් කැබලි මාර්ගයේ තැන්පත් වී තිබේ.

මුහුදු රළ ගොඩබිමට ගලා ඒම හේතුවෙන් දෙවට වැල්ල හා කඩේවැල්ල ගාල්ල ජාකොටුවැල්ල, ධිවර තොටුපළවල් වල  නතරකොට තිබු බෝට්ටු වලටද හානි වි ඇති බැව් ධීවරයෝ පැවසීය.

ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ සමුද්‍ර මාවතේ  තැන්පත්ව තිබු වැලි සහ අපද්‍රව්‍ය  ඉවත්කොට මාර්ගය යථා තත්ත්වයට පත්කිරිමට පොලිසිය හා ගාල්ල මහනගර සභාව මගින් කටයුතු කර තිබුණි.