ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර තරගය අද

ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර තරගය අද

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන අවසන් තරගය ස්කොට්ලන්තයට එරෙහිව අද (27) පැවැත්වේ.

තරගය මෙරට වේලාවෙන් අද දහවල් 12.30ට බුලවායෝහිදී ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගය ක්‍රියාත්මක වන්නේ, බී කාණ්ඩයේ මූලික වටයේ තරගයක් ලෙසයි.

එම කාණ්ඩයේ සහභාගී වූ තරග 3 ම ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට තරගාවලියේ අපරාජිත කණ්ඩායමක් ලෙස ලකුණු සටහනේ පෙරමුණේ පසුවේ.

ස්කොට්ලන්තය මෙතෙක් සහභාගී වූ තරග 3ම ජය ගනිමින් එම කාණ්ඩයේ ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවේ.

මේ වනවිට මෙම කණ්ඩායම් දෙකම සුපිරි 6 දෙනාගේ වටයේ ස්ථානය තහවුරු කරගෙන සිටි.

මේ අතර, බී කාණ්ඩයේ අනෙක් තරගය අයර්ලන්තය සහ එක්සත් අරාබි එමීර් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.

එම කණ්ඩායම් දෙකම මූලික වටයේ සහභාගී වූ තරග තුනෙන්ම පරාජය වී ඇති බැවින් සුපිරි 6 දෙනාගේ වටයට පිවිසීමේ අවස්ථාව ද අහිමි වී ඇත.

 

Share This