තෙවන පාසල් වාරයේ පළමු අදියර අද ඇර‌ඹෙයි

තෙවන පාසල් වාරයේ පළමු අදියර අද ඇර‌ඹෙයි

රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය අද (26) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.

දෙවන පාසල් වාරය පසුගිය 16 වන සිකුරාදා අවසන් වූ අතර ඒ අනුව තෙවන පාසල් වාරයේ පළමු අදියර අද සිට නොවැම්බර් 22 වනදා දක්වා ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.