තුන්වන පාසල් වාරයේ දෙවන අදියර ඇරඹීම හෙට

තුන්වන පාසල් වාරයේ දෙවන අදියර ඇරඹීම හෙට

දීර්ඝ පාසල් නිවාඩුව අවසන් කරමින් රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන වාරයේ දෙවන අදියර හෙට (05) දිනයේ ආරම්භ වීමට නියමිතයි.

තුන්වන පාසල් වාරයේ දෙවන අදියර පෙබරවාරි පළමු වනදා ආරම්භවීමට නියමිතව තිබුණ ද, එදින උසස් පෙළ කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රය යළි පැවැත්වීම හේතුවෙන් පාසල් ආරම්භය හෙට (05) දිනය දක්වා කල් දැමුනා.

2023 වර්ෂයට අදාළ උසස් පෙළ විභාගය හේතුවෙන් පසුගිය දෙසැම්බර් 23 වනදා පාසල් නිවාඩුව ආරම්භ විය.

Share This