පාසල් කිහිපයකට 13 වැනිදා සිට නිවාඩු

පාසල් කිහිපයකට 13 වැනිදා සිට නිවාඩු

2024 ජනාධිපතිවරණය නිමිත්තෙන් බදුල්ලේ පාසල්වලට ලබන 13වන දින සිට නිවාඩු ලබා දෙන බව ඌව පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ගාමිණි මහින්දපාල ජෝපියස් මහතා අද (4) පැවසීය.

ජනාධිපතිවරණයේ බදුල්ල දිස්ත්‍රික්කයේ ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන සදහා තෝරා ගත් බදුල්ල මඩ්‍ය මහ විදුහල, සහ බදුල්ල විශාඛා උසස් බාළිකා විදුහල ට මේ මස 13 සිට 24 දින දක්වාත්, ජනාධිපතිවරණයේ මැතිවරණ රාජකාරි කටයුතු සදහා පැමිනෙන පොලිස් නිලධාරීන් ට සහ අනෙකුන් නිළධාරින්ට නවාතැන් පහසුකම් ලබා දීම සදහා තෝරා ගත් බදුල්ල විහාරමහාදේවී බාළිකා විදුහල සහ බදුල්ල ඌව මහ විදුහල සදහා 19,20 දෙදින නිවාඩු ලබා දෙන අතර, ,ජනාධිපතිවරණය සදහා ජන්ද මධ්‍යස්ථාන ලෙස තෝරා ගත් දිස්ත්‍රික්කයේ සෙසු පාසල් සදහා 20 වනදින නිවාඩු ලබා දෙන බවද හෙතෙම සදහන් කළේය .

බදුල්ල මඩ්‍ය මහ විදුහල සහ බදුල්ල විශාඛා උසස් බාලිකා විදුහල හැර දිස්ත්‍රික්කයේ සෙසු පාසල් ලබන 23 වන දින යලි ආරම්භ කිරීමට නියමිතව ඇති බවත් ,බදුල්ල මධ්‍ය මහ විදුහල සහ විශාඛා උසස් බාළිකා විදුහල ලබන 24 වන දින ආරම්භ කිරීමට නියමිත යැයි ඌව පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ගාමිණි මහින්දපාල ජෝපියස් මහතා වැඩිදුරටත් පැවසූහ.