පාසල් නිවාඩු ලබා දීම ගැන දැනුම් දීමක්

පාසල් නිවාඩු ලබා දීම ගැන දැනුම් දීමක්

හෙට (20) දිනයේ දී දිවයිනේ සියලු ම පාසල් වලට විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අද (19) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

අනිද්දා (21) දිනයේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් සිදු කරන ලද ඉල්ලීමක් මත එය සලකා බලමින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.