පාසල් කිහිපයක් වසා දැමීමේ තීරණයක්

පාසල් කිහිපයක් වසා දැමීමේ තීරණයක්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කිහිපයක් හෙට (14) දිනයේ වසා තැබීමට අධ්‍යාපන නිලධාරීන් තීරණය කර තිබෙනවා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව සහ කඩුවෙල අධ්‍යාපන කොට්ඨාසවල සියලුම පාසල් හෙට (14) දිනයේ වසා තැබෙන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පවසනවා.

ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල අධ්‍යාපන කොට්ඨාසයේද සියලුම පාසල් හෙට දිනයේ වසා තැබෙන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් හටගෙන ඇති ජලගැලීම් හමුවේ බස්නාහිර පළාතේ පාසල් වසා දැමීමේ බලය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට පවරා තිබෙනවා.