පළමු පාසල් වාරයේ දෙවැනි අදියර අදින් ඇරඹෙයි

පළමු පාසල් වාරයේ දෙවැනි අදියර අදින් ඇරඹෙයි

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (01) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

පළමු පාසල් වාරයේ පළමුවන අදියර පසුගිය 14 වැනි සිකුරාදා දිනෙන් අවසන් විය.

කෙසේවෙතත්, රාමසාන් උත්සවය හේතුවෙන් මුස්ලිම් පාසල් සඳහා අද (01) දිනයේත් නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබුණි.

රජයේ හා රජයේ අනුමත පාසල් සඳහා නිවාඩු ලබාදෙනු ලැබුවේ පසුගිය 17 වැනිදායි.