![අද පාසල් – පන්ති නැතැයි ප්‍රචාරය වූ පුවත ගැන දැනුම් දීමක් අද පාසල් – පන්ති නැතැයි ප්‍රචාරය වූ පුවත ගැන දැනුම් දීමක්](https://cdn.statically.io/img/newsi.lk/wp-content/uploads/2023/05/school.jpg?quality=100&f=auto)
අද පාසල් – පන්ති නැතැයි ප්‍රචාරය වූ පුවත ගැන දැනුම් දීමක්
අද (14) දිනයේ දිවයිනේ සියළුම පාසල් සහ උපකාරක පන්ති නොපැවැත්වෙන බවට දන්වමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂයක් යටතේ, බොරු පුවතක් සමාජ මාධ්‍ය වල ප්‍රචාරය කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාගේ යැයි හැගෙන ව්‍යාජ අත්සනකින් යුතුව එම බොරු පුවත ප්‍රචාරය කර තිබෙන බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.
එම දැනුම්දීමට අනුව අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ උපදෙස් මත අද දින දිවයිනේ සියලු පාසල් සහ උපකාරක පන්ති නොපැවැත්වෙන බව දන්වා තිබේ.
එම අසත්‍ය ලිපිය සමාජ මාධ්‍යයේ ප්‍රචාරය කිරීමෙන් වලකින ලෙසද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.