බෑණාගේ යකඩ පොලු පහරින් මාමණ්ඩිය මරුට

බෑණාගේ යකඩ පොලු පහරින් මාමණ්ඩිය මරුට

සයින්දමරුදු ප්‍රදේශයේදී යකඩ පොල්ලකින් පහරදී මාමණ්ඩිය ඝාතනය කළ බව කියන බෑණා ඇතුළු පුද්ගලයන් පස් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස ඝාතනය වී ඇත්තේ, එම ප්‍රදේශයේ ම පදිංචිව සිටි 66 හැවිරිදි පුද්ගලයෙකි.

ඝාතනය සම්බධයෙන් අවුරුදු 33, 20, 19, 18, 16, යන වයස්වල පසුවන සයින්දමරුදු ප්‍රදේශයේ ම පදිංචි පස්දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

මියගිය පුද්ගලයාගේ දියණිය ඇයගේ ස්වාමිපුරුෂයාගෙන් වෙන් වී වසර 08 ක් පමණ පියාගේ නිවසේ ජීවත්ව ඇති අතර ඒ සම්බන්ධයෙන් නඩුවක් ද විභාග වෙමින් සිට තිබේ.

ඊයේ (21) අළුයම කාලයේ ඇයගේ සැමියා අනවසරයෙන් නිවසේ තාප්පයෙන් පැන නිවසට ඇතුළුවීමට උත්සාහ කර ඇති අතර එහිදී පියා විසින් මෙම පුද්ගලයාව නිවසින් එළියට තල්ලු කර මාර්ගය දෙසට ගමන් කර තිබේ.

එහිදී මෙම පුද්ගලයා විසින් එකවරම දියණියගේ පියාට යකඩ පොල්ලකින් පහර දී ඇති අතර බරපතළ තුවාල ලැබූ පියා රෝහල් ගත කිරීමේ දී මියගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සයින්දමරුදු පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.