සපුගස්කන්ද පිරිපහදුව තාවකාලිකව වසා දැමීම ගැන දැනුම් දීමක්

සපුගස්කන්ද පිරිපහදුව තාවකාලිකව වසා දැමීම ගැන දැනුම් දීමක්

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු ලබන ජූලි මස තාවකාලිකව අත්හිටුවන බවත් වසර තුනකට වරක් කළ යුතු අනිවාර්ය නඩත්තු කටයුත්ත හෙවත් ‘මහපහදු නැවතුම 2024’ සඳහා මෙසේ දින 45 ක කාලයකට මෙහෙයුම් කටයුතු අත්හිටුවන බවත් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසයි .

එම පිරිපහදුව 2021 වසරේ ‘මහපහදු නැවතුම’ නැවතුම කර නඩත්තු කටයුතු කිරීමෙන් පසුව ජාත්‍යන්තර නියමන්ට අනුගතවෙමින් ලබන ජූලි මස නඩත්තුව ආරම්භ කරන බවත් එම නඩත්තුවෙන් පසුව ඉන්ධන නිෂ්පාදන ක්‍රියාවලිය උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක කළ හැකි බවත් එම සංස්ථාව වැඩි දුරටත් සඳහන් කරයි.