
සංජීව ඝාතනයේ සැකකාරියගේ තවත් ඡායාරූප පෙළක් එළියට
ප්‍රබල පාතාල කල්ලි නායක ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට අවශ්‍ය කර සිටින සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි නමැත්තියගේ තවත් ඡායාරූප පෙළක් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.
අදාල ඝාතනයේදී වෙඩි තැබීම සිදුකරන ලද වෙඩික්කරුට ආධාර අනුබල ලබාදුන් මෙම සැකකාරිය හඳුනා ගැනීම සඳහා පොලීසිය විසින් මහජන සහාය ඉල්ලමින් මෙම ඡායාරූප නිකුත් කර තිබේ.
ජාතික හැඳුනුම්පත් අංක 995892480V දරණ පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි වන සැකකාරිය අවුරුදු 25ක් වූ 243/01, මීගමුව පාර, ජය මාවත, කටුවැල්ලේගම යන ලිපිනයේ පදිංචිව සිටි අයෙකි.
මෙම සැකකාරිය හඳුනා ගැනීම සඳහා ඇගේ මෑත කාලයේ ලබාගත් ඡායාරූප කිහිපයක් විමර්ශන නිලධාරීන් විසින් මෙලෙස සොයා ගෙන තිබේ.
ඇය පිළිබඳ යම් තොරතුරක් සපයන පුද්ගලයින්ට පොලිස් ත්‍යාග අරමුදලින් මුදල් ත්‍යාගයක් පිරිනැමීමට තීරණය කර තිබෙන බවයි, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පසුගියදා ප්‍රකාශ කළේ.
මේ අතර සැකකාරිය සිටි බවට සැක කෙරෙන මතුගම ප්‍රදේශය ඇතුළු ස්ථාන කිහිපයක පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ඊයේ (23) රාත්‍රියේ විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබුණි.
ඉහත සැකකාරිය පිළිබඳ යම් තොරතුරක් වෙතොතේ පහත දුරකථන අංකයන්ට දැනුම්දෙන ලෙස පොලීසිය ඉල්ලීමක් කරයි.
අධ්‍යක්ෂ, කොළඹ අපරාධ කොට්ඨාසය – 071 8591727
ස්ථානාධිපති, කොළඹ අපරාධ කොට්ඨාසය – 071 891735
පොලිසිය පැවසුවේ, මෙතෙක් කළ විමර්ශනවලට අනුව ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරිය රටින් පිටව ගිය බවට කිසිදු සාක්ෂියක් නොමැති බවයි.



