සංජීවගේ ඝාතකයා රැගෙන ගිය වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට

සංජීවගේ ඝාතකයා රැගෙන ගිය වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට

ගනේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරුට පලා යෑමට සහාය වූ වෑන් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තු විවාදයට අද (20) එක්වෙමින් මේ බව කියා සිටියා.

අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණය තුළ සිදුවු වෙඩිතැබීමෙන් සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව නැමැත්තාගේ ඊයේ උදෑසන ඝාතනයට ලක්විය.

පසුව සිදුකළ පරීක්ෂණවලින් අනතුරුව ප්‍රධාන සැකකරුව ද ඊයේ (19) පුත්තලම පාලවිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

අත්අඩංගුවට ගත් ප්‍රධාන වෙඩික්කරු මහරගම – දඹහේන ප්‍රදේශයේ පදිංචි සමිඳු දිල්ෂාන් පියුමංග කඳනාරච්චි නමැත්තෙකු බවත් හෙළි ව ඇති බවයි පැවසෙන්නේ.

එම සැකකරු විවිධ අවස්ථාවල දී විවිධ නම්වලින් පෙනී සිට ඇති බවත් පැවසෙනවා.

ඊයේ මෙම අපරාධය කිරීමට පැමිණි වෙඩික්කරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සතුව තිබී ව්‍යාජ ලෙස සැකසූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හැඳුනුම්පත ආකාරයේ නීතිඥ හැඳුනුම්පතක් ද සොයා ගැනුණා