
ගණේමුල්ල සංජීවගේ ඝාතකයා පුත්තලමේදී අල්ලයි
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු පුත්තලම පාලවිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නැමති 34 හැවිරිදි එම සැකකරු යුද්ධ හමුදාවේ හිටපු ලුතිනන් වරයෙකි.
ඉකුත් කාලය පුරා සීදූව සහ ගල්කිස්ස පොලිස් වසම් වල ඝාතන හතක් සිදුකළ පුද්ගලයකු බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
සුඛෝපභෝගී වෑන් රථයකින් ගමන් කරමින් සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.





