සංජීව ඝාතන සිද්ධියට ආරක්ෂාවට සිටි ප්‍රධාන ජේලර් අත්අඩංගුවට

සංජීව ඝාතන සිද්ධියට ආරක්ෂාවට සිටි ප්‍රධාන ජේලර් අත්අඩංගුවට

පාතාල කල්ලි සාමාජිකයකු වූ ගණේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සංජීව බූස්ස බන්ධනාගාරයේ සිට අධිකරණය වෙත රැගෙන එන අවස්ථාවේදී ඔහුගේ ආරක්ෂාව බාරව සිටි ප්‍රධාන ජේලර්වරයා අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

මේ වන විට සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු පුද්ගලයන් 14 දෙනකුකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙකි.

අත්අඩංගුවට ගත් ප්‍රධාන ජේලර්වරයා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැඳවා දෙවන වරටත් පැය හතරකට ආසන්න කාලයක් ප්‍රකාශන ලබා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබිණි.