ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියගේ මව සහ සොහොයුරා අත්අඩංගුවට

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියගේ මව සහ සොහොයුරා අත්අඩංගුවට

පාතාල කල්ලි නායක ගණේමුල්ල සංජීව ඝාතනයට නීතිඥ වෙස්ගෙන ගිනි අවිය රැගෙන ආ ඉෂාරා සෙව්ව්න්දි නැමැත්තියගේ මව සහ සහෝදරයා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, කටුවැල්ලේගම, මීගමුව ලිපිනයෙහි පදිංචි 23 හැවිරිදි පිංපුර දේවගේ චමිදු තිවංක සහ එම ලිපිනයෙහිම පදිංචි 48 හැවිරිදි සේසත්පුර දේවගේ සමන්ති යන අයයි.

මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් දැනීමක් තිබියදී ඒ සම්බන්ධව තොරතුරු වසන් කර අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙනුයි මොවුන්ව අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

ඒ අනුව, මේ දක්වා මෙම අපරාධයට අදාළව සැකකරුවන් 10ක් අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි.