
සංජීව ඝාතනයට තවත් තුනක් අත්අඩංගුවට
පාතාල කල්ලි නායක ගණේමුල්ල සංජීව ඝාතනයට තවත් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
ඒ අතර මීගමුව ටෙලිකොම් ආයතනයේ තාක්ෂණ නිලධාරියකුද වන බව පොලිසිය කියයි.
ඊයේ (23) දින අත්අඩංගුවට ගත් ඔවුන් තිදෙනා ගම්පහ සහ උඩුගම්පොල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි, පොලීසිය පැවසුවේ.
ඒ අනුව, මේ දක්වා එම ඝාතනයට අදාළව පුද්ගලයින් 08 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම ඝාතනය සඳහා යොදා ගත් ගිනිඅවිය සන්තකයේ තබා ගෙන අපරාධයට පෙර දින වෙඩික්කරුට ලැබීමට සැලැස්වීම සම්බන්ධව ගම්පහ මල්වත්ත පාර, අස්ගිරිය ප්‍රදේශයේ පදිංචි දමිදු ලක්ෂාන් නම් 22 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
තවද අපරාධයෙන් පසු වෙඩික්කරු සහ සෙසු සැකකාරිය ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කර අපරාධයකට ආධාර අනුබල දීම යටතේ දමිත් අංජන නයනජිත් නම් 25 හැවිරිදි තරුණයෙකු සහ චමෝද් ගිම්හාන නම් අස්ගිරිවල්පොල, උඩුගම්පොල ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි අයෙකුද පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.