
සංජීව ඝාතන සිද්ධියේ ඝාතකයා සහ රියැදුරා රඳවා ගෙන ප්‍රශ්න කරයි
වැළැක්වීම යටතේ රඳවා ගෙන ප්‍රශ්න කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේය.
සැකකාර ඝාතක ත්‍රීවීල් රථ රියදුරකු වන සමිඳු දිල්ෂාන් පියුමංග කඳනාරච්චි සහ වෑන් රථ රියදුරු කරන්චාරගේ මහේෂ් සම්පත් පියදර්ශන සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයන්ට පැය 24 කාලයක් ප්‍රමාණවත් නොවන බැවින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 7/1 වගන්තිය ප්‍රකාරව කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයාගේ නියෝගය පරිදි පැය 72 ක් වරාය පොලිසියේ රඳවා ප්‍රශ්න කිරීමට කටයුතු කරන බවද වැඩිදුරටත් කරුණු දක්වා ඇත.
සැකකරුවන් සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 296 වගන්තිය ප්‍රකාරව මනුෂ්‍ය ඝාතන සිදු කිරීම, ඊට ආධාර අනුබලදීම සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාර වූ විමර්ශන සිදු කරන බව පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.
සැකකරුවන් ඊයේ දින පස්වරු හතරයි තිහට පමණ අත්අඩංගුවට ගත් බව ද, මහරගම ප්‍රදේශයේ පදිංචි ප්‍රධාන සැකකරු වන සමිදු 28 හැවිරිදි පුද්ගලයකු බවත් සම්පත් පියදර්ශන රියදුරු 44 හැවිරිදි මිල්ලෑව ප්‍රදේශයේ පදිංචි අයකු බවත් වැඩිදුරටත් කරුණු සඳහන් කර ඇත.